2017 ජුනි 24 වන සෙනසුරාදා

උන්නැහේ දෙලොවක් අතර

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 365

ඒකාබද්දෙ මන්තිරි සයිස් පට්ටමක් දරන දකුණු පළාතෙ තරුණ දේශපාලුතුමෙක් ඉන්නවා... උන්නැහේගෙ පියතුමත් හිටපු ඇමැති සයිස් දේසපාලුතුමෙක්...

පසුගිය කාලෙ තමන්ගෙ ආසනේ තිබුණ පුංචි පහේ උත්සවේකට උන්නැහේට නොකියා හිටපු ලොකු තැන එහාට පැමිණීම ගැන තරුණ මන්තිරි තැන කොක්කක් දාගත්තලු...  මේ කොක්ක නිර්මාණය කළෙත් ඒකාබද්දෙම ඉන්න න්‍යායාචාර්ය කෙනෙක් කියලා හිටපු ලොකු තැනට වාර්තා වුණා. ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ ආවේගශීලී තරුණ මන්තිරිතුමා හිටපු ලොකු තැනගෙ කන්තෝරුව පැත්තෙ ආවෙත් නැතිලු... දේසපාලන වැඩත් සීමා කළාලු...

ඉතින් ප්‍රස්නෙන් පසු මේ ගැන ටිකක් හොයලා බලන කොට උන්නැහේගෙ ආරවුල දැනගත් අලි පාටියෙ ලොක්කෙක් මෙයාට පොඩි කොක්කක් ගහලය කියලා කතාවක් ගියා... තියන ප්‍රශ්න විසඳගෙන ගොඩ යන්න පුළුවන් මාර්ගය තියෙන්නෙ අලි පාටිය පැත්තෙය කියලත් දන්වලලු...

මේ ඉල්ලීමෙන් පස්සෙ පළාතෙ ජනමතය ගැන පොඩි සොයා බැලීමක් කරපු මන්තිරි තැන දැන් ඉන්නෙ දෙලොවක් අතරය කියලා ආරංචියි. උන්නැහේ දැන් දෙවුන්දර ගමේ උපුල්වන් දෙවියන්ගෙන් මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා ඉල්ලන්නලු යන්නෙ.