2017 ජුනි 17 වන සෙනසුරාදා

දිනලා පෙන්නන්නම්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 632

පසුගිය කැබිනට් සංශෝධනයේදී තමන්ගෙ පට්ටම නැති කරන්න වැඩ කළාය කියලා එක්තරා ප්‍රබල ඇමැති කෙනෙක් ආණ්ඩුවෙම තවත් ඇමැති කෙනකුට පසුගිය දවස්වල ලොකු ගෝරනාඩුවක් දැම්මා.

මේ දෙන්නම අලි පාටියෙ ප්‍රබල චරිතය කියමුකො. මේ දෝස් මුරේ දාපු ඇමැති තැන වැඩිදුරටත් කිව්ව මගේ පට්ටමට තට්ටු කරවපු මෑන්ට කවදාවත් මහජන ඡන්දෙකින් කවුන්සිලේට එන්න බැහැ එයා පක්ෂයෙ පින් ලැයිස්තුවෙන් ඇවිල්ලා කරන සෙල්ලම් ළඟදිම තමන් හෙළිකරනවය කියලත්...

ඔන්න මේ වාග් සංග්‍රාමය නැගල යනකොට පසුගියදාක අඟහරුවාදා ඇමැති රැස්වීම ඉවරවෙලා ඇමැති කස්ටිය අල්ලාප සල්ලාපෙ යෙදෙන අතරෙ එක ඇමැති කෙනෙක් චෝදනාවට ලක්වුණ ජාතික ලැයිස්තු ඇමැතිගෙන් ඇහුව මොකද අරය කවදාවත් ඡන්දෙකින් එන්න බැරි මිනිහ අපිට කටුව ගහන්න හදනව කිය කිය ඔයාට බණින්නෙ කියලා. ඒකට උත්තර දුන්න ඇමැතිතුමා ප්‍රසිද්ධ සභාවෙ මෙහෙම කිව්වලු ඩෝන්ට් වොරි මචං... මම ලංකාවෙ ඕනම දිස්තිරික්කෙකින් ඡන්දෙ ඉල්ලල දිනල පෙන්නන්නම්... එයා ඕව ගැන අපිට බරබරේ දාන්න එනව එයා ඡන්දෙ ඉල්ලල සුජීවටයි හර්ෂටයි දෙන්නටම පැරදුණා. ඒව මතක නැහැ... එනව මෙතන අනිත් මිනිහගෙ රෙද්ද හදන්න ඇමැතිතුමා කිව්ව. සභාවේ සිනහ හඬ එක්ක සභා තොමෝ විසිර ගියා.