2017 ජුනි 17 වන සෙනසුරාදා

‍ෆොටෝ ගැලවිල්ල

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 393

ගිය ආණ්ඩුවත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු රතු රටක තානාපති කන්තෝරුවෙ බිත්තියෙ හිටපු ලොකු තැනගෙ පින්තූරයක් ලොකුවට ගහලා තිබුණා...

වරක් ඔය කන්තෝරුවට ගිය ආණ්ඩුවෙ ඇමැති කෙනෙක් ඒ ගැන තානාපති අංශෙන් ප්‍රශ්න කළාම තානාපති අංසෙ ලොක්කො කිව්වෙ ආණ්ඩු වෙනස් වුණාට අපේ මිත්‍රයො අමතක වෙන්නෙත් නැහැ වෙනස් වෙන්නෙත් නැහැ කියලයි.
ඒත් මේ ඊයෙ පෙරේදා හිටපු ගමන් ඒ රතු තානාපති කන්තෝරුවෙ තිබුණ හිටපු ලොකු තැනගෙ පින්තූරෙ අයින් කරන්න කියලා නියෝග ලැබිලා කියලා ආරංචියි.

ඒ නියෝගය ආවෙ එයාලගෙ කන්තෝරුවෙ ඉහළින්මලු. ඒකට හේතුව හරියට දන්නෙ නැතත් ඒකාබද්දෙ සමහරු අපේ අල්ලපු රට එක්ක දැඩි පයිරුපාසනමක් ගොඩනගාගෙනය කියලා සමහරැ ගතු කියපු නිසා මේ තීන්දුව ගත්ත බවත් කියනවා...