2017 ජුනි 17 වන සෙනසුරාදා

මන්තිරිතුමාගේ බැණිල්ල

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 331

කවදත් ඉන්දියාව පැත්තට නමස්කාර කරන උතුරෙ සන්ධානෙ මන්තිරි මහත්තයෙක් එකපාරටම හිටු කියල අල්ලපු රටට බණින්න පටන් අරන්ලු... ඒක එයාලගෙ පක්ෂයෙ අයටත් තේරෙන්නෙ නැති බරපතළ කේස් එකක් වෙලා කියලා ආරංචියි. 

මේ බැණිල්ල ගැන දැනගත්ත පක්ෂයෙ ඉහළ උදවිය එකපාරටම මෙහෙම කරන්න හේතුව අලුත් වාස භවනක් සොයාගැනීමද කියලත් හොයල බැලුවලු. ඒත් එහෙම දෙයක් නැහැ කියල දැනගන්න ලැබිල පස්සෙ කාරණා කාරණා සොයාගෙන යනකොට දැනගන්න ලැබුණලු උන්නැහේ ළඟදි සල්ලි තියන රතු රටක් එක්ක ලොකු බිස්නස් එකක් පටන්ගත්තය කියල. එයලයි අපේ අල්ලපු රටයි දෙගොල්ලො ඉන්නෙ නයාට අඳුකොළ මට්ටමින්. ඒ නිසා අලුත් බිස්නස් මිතුරන්ගෙ හිත දිනාගන්න මන්තිරිතුමා මේ විදියට කරනව කියල පක්ෂයෙ ඉහළට වාර්තා වෙලා.

කොහොමහරි මේ හුටපටේ නිසා උතුරෙ සන්ධානෙට ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ ලොකු හින්ද ළඟදිම මන්තිරිතුමා පක්ෂයෙ ලොක්කන්ගෙ සභාවට කැඳවලා හොඳවැයින් දෙකක් කියන්න පක්ෂෙ ලොක්කො තීන්දු කළාලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00