2017 ජුනි 17 වන සෙනසුරාදා

සුදු අලින් ලවා බර ඇද්දවීම

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 300

ආණ්ඩුවෙ ආයතන අතරෙ සුදු අලි වෙච්ච කන්තෝරු ගණනාවකට හිටු කියල අලුතෙන් සේවකයො බඳවාගෙන කියල ඉහළටම පැමිණිලි ලැබිලලු.

රටට මහ බරක් වෙච්ච අහසෙ වැඩ කරන රාජ්‍ය සමාගමකට විතරක් ගතවෙච්ච අවුරුදු දෙකේ දාහකට වැඩිය අලුතෙන් සේවකයො අරන්ලු. එයින් වැඩි හරිය කෑගලු පළාතෙ අය කියලත් කියනව. ගිය ආණ්ඩු කාලෙ ඉඳල මහා ණය බරක් දරාගෙන ඉන්න මේ සමාගම මේ විදියට ගියොත් යන්නෙ හොම්බෙන් තමයි කියල මේ සතියෙ ආණ්ඩුවෙ පාලක මණ්ඩල් රැස්වීමෙදිත් කිව්වලු...

ඊළඟට පාඩු පිට දුවන ඉදිකිරීම් භාර ආයතනයකට තවත් පන්සීයක් විතර සෙනග පටවලලු. මේව ඔක්කොම දේසපාලන තීන්දුවලට අනුව සිද්ධවුණ ජරමර කියලයි කියවෙන්නෙ.

මේ විදියට ගියොත් වැඩිකල් නොගිහිල්ල මේ ආයතන කම්මුතු වෙනව කියල මුදල් අංසෙන් ලොකු දෝස් මුරයක් දාලලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00