2017 ජුනි 10 වන සෙනසුරාදා

අසම්මත ප්‍රශ්නයක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 754

පසුගිය දවසක ආණ්ඩුවෙ අත පාටියෙ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් අපේ අසල්වැසි රටක තානාපති අංසෙ විශේෂ හමුවකට ගියා...

ඒ හමුව ඉතාම සුහදව ඉවර වුණාට පස්සෙ ඒ රට නියෝජනය කරන නියෝජ්‍ය මහ කොමසාරිස් තැන අපේ ඇමැතිතුමාට කිට්ටු වුණා. කිට්ටුවෙලා පුදුමම ප්‍රශ්නයක් ඇහුවලු... තමුන්නාසෙලගෙ රටයි අපේ රටයි එකතුවෙලා කරන්න යන අහවල් ව්‍යාපෘතියට ඔබතුමා ඔච්චර විරුද්ධ මොකද? කියන එකයි එයා අහපු ප්‍රශ්නය... මේ අසම්මත ප්‍රශ්නය නිසා තරමක් තුෂ්නිම්භූතවුණ අපේ ප්‍රේමනීය ඇමැතිතුමා බොහොම තදින් මෙහෙම උත්තර දුන්නලු.

“මේ ටැංකි සෙල්ලමෙන් අපේ රටට විශාල පාඩුවක් වෙනවා. අපේ රටට හානිවෙන දේකට අපට එකඟවෙන්න බැහැ. ඔය විෂය මගේ නොවුණත් රට ගැන හිතලයි මම ඕකට විරුද්ධ වුණේ... මේ උත්තරෙන් කලබල වුණ උප මහ කොමසාරිස් තැන ඇමැතිතුමාට නැවතත් අසම්මත වාක්‍යයකින් දමල ගැහුවලු.

“ඔබතුමා අපේ රටට විරුද්ධයි. ඇයි මේ විරෝධයට හේතුව ඒක වැරදියි.” උප මහ කොමසාරිස් තැන කිව්වා. ඇමැතිතුමාටත් කේන්ති ගිය හිතේ තිබුණ සිසිල්ගතිය නැතිවුණා එයා තදින් මෙහෙම උත්තර දුන්නා. “මම ඔහේගෙ රටට විරුද්ධ නැහැ. ඒත් මගේ රටට හුඟක් ආදරෙයි. ඒ නිසායි මම ඕකට විරුද්ධ. ඔයා මොනව කිව්වත් මම අදත් හෙටත් හැමදාමත් ඔය ව්‍යාපෘතියට විරුද්ධයි. කතාව එච්චරයි... කියල ඇමැතිතුමා කිව්වා. නියෝජ්‍ය මහ කොමසාරිස් තැන වාෂ්පවෙලා යන්න ගියා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00