2017 ජුනි 10 වන සෙනසුරාදා

මාර ඇණවුමක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 426

ලංකාවෙ සුප්‍රකට ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක් ඉදිරි මාස තුනේ කිසිම අලුත් භාණ්ඩ ඇණවුමක් භාර නොගන්න තීන්දු කරලලු... ඒකට හේතුව එක්තරා ධනවත් බලවත් දේශපාලන භවතෙක් කොළඹ ප්‍රදේශයේ හදන මන්දිරයක් වගේ නිවසකට ගෘහ භාණ්ඩ හදන්න ඇණවුමක් ලැබීම නිසාලු...

රුපියල් මිලියන විශාල ගණනක මේ ඇණවුම සම්පූර්ණ කරන්න මාස තුනකින්වත් අමාරු නිසයි මේ ගෘහ භාණ්ඩ සමාගම අලුත් ඇණවුම් ගැනිල්ල නවත්තල තියෙන්නෙ.

රුපියල් මිලියන 200ක් විතර වියදම් කරල ආණ්ඩුවෙ ටයි කෝට්ධාරී බලවත් දේශපාලන භවතෙක් හදන මැඳුරට බඩු හදල ඉවර වුණාම තමයිලු ආයෙත් ඇණවුම් ගන්නෙ... මේ දේශපාලන භවතා නියෝජනය කරන්නෙ කොළඹ දිසාවලු... අනාගතේ රටේ ලොකු තැනකට යන්න හිතාගෙන ඉන්න උන්නැහේ මේ දවස්වල පොඩි ප්‍රශ්නෙකලු ඉන්නෙත්.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00