2017 ජුනි 03 වන සෙනසුරාදා

(අ)මුතු මල්ලිගෙ බාර් එක

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 693

දකුණු පළාතේ ගාලු දිස්තිරික්කේ හැමතැනම වතුරලු. ගොඩක් අයට ඉන්න හිටින්නවත් තැනක් නෑලු. ගෙවල් වැහිලා යන්න වතුරලු. ඒ විතරක් නෙමෙයි කන්නත් නෑලු.

දැන් ලොක්කා පොදු අපේක්ෂකයා කාලේ එයාගේ වේදිකාවට ගැහුවය කියන මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති කෙනෙක්ගේ පැත්තක්ලු මේක. ගොඩක් අය බලාගෙන හිටියලු මෙයා දැන් එයි දැන් එයි කියලා. හැබැයි වතුර තියෙන කාලේ දකින්නවත් ආවේ නෑලු.

හැබැයි මෙයා වෙනුවෙන් එයාගේ අයියා (අ)මුතු දෙයක් කරාලු. ඒ අච්චර මහා වතුර මැද්දේ එයාගේ අයියගේ අරක්කු බාර් එකේ පැත්තක් ඇරියලු. ඇරලා මහ වතුර මැද්දෙත් ගිනිවතුර වික්කලු. කන්න නැතිව හිටිය සමහර අයියලා බාර් එකෙන් කාල අරගෙන ඉනේ ගහගෙන පාරදිගේ බිබී පිස්සු නටන්න ගත්තලු. මේක දැකපු ගොඩක් දෙනෙක් කිව්වලු “මුතු” “මැටි” තරම්වත් වටින්නේ නෑ කියලා.