2017 මැයි 27 වන සෙනසුරාදා

තිරය පිටුපස ගේමක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 463

ඇමැති සංශෝධනේට විරුද්ධව අලි පාටියෙ පසුපෙළ කවුන්සිල් මහත්තුරු ගණනාවක් පසුගිය දවස්වල ලොකු ඝෝෂාවක් දැම්ම. උන්නැහේලා කිව්වෙ මේ සංශෝධනේ අපිට නම් එපා කියලයි.

උන්නැහේල එහෙම කියනකොට අත පාටියෙ ලොකු ලොක්කො ඝෝෂාවක් දැම්ම අපිට මේ සංශෝධනේ ඕනමයි කියල... ඒ අස්සෙ හිටපු ලොකු නෝනත් මේක නොකළත් කමක් නැහැ වගේ අදහසක් ඉහළම මන්දිරේකදි කිව්වය කියලා ආරංචියි...

කොහොම වුණත් අලි පාටියෙ පසුපෙළ කස්ටිය මේ සංශෝධනේට එරෙහිව පෙළගැස්වුව. ඒ පාටියෙන්ම පත්වුණ තනතුරු අහිමිවෙනවය කියල සැක කරපු දෙන්නෙක්ලු... මේ දෙන්නම ඇමැති සයිස් මහත්තුරු කියල ආරංචියි.

එයින් එක්කෙනෙක් උඩරට පළාතෙන් ආපු කෙනෙක්ලු. අනෙකා බස්නාහිරින් පායපු තරුවක්ලු... උන්නැහේලගෙ නූල් ඇදිල්ලට පසුපෙළ කස්ටිය වයින් වුණා කියලයි ආණ්ඩුවෙ බුද්ධිමත් අංශ ඉහළම මන්දිරේට වාර්තා කළේ... මේ සද්ද බද්ද කොච්චර තිබුණත් වැඩේ නම් නැවතුණේ නැහැ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00