2017 මැයි 27 වන සෙනසුරාදා

තීන්දුව වෙනස් කරන්න බණක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 381

තමන්ගෙ පට්ටම නැතිවුණොත් පසුපෙළට යනවය කිව්ව බලවත් ඇමැති තැනගෙ පදවිය වෙනස් කළ යුතුමයැයි රටේ ලොකු මහත්තය දෙවැනි මහත්තයට තදින්ම කිව්වලු.

ඊළඟට දැන් දරන තනතුර නැතොත් මුකුත් එපා යැයි කියපු ඇමැති තැන සන්සුන් කරගන්න දෙවැනි මහත්තයට ලොකු වෙහෙසක් ගන්න ඕන වුණාලු. මහනාහිමිවරුන් සෙසු ආගමික දේශපාලන නායකයොත් තමන්ගෙ සේවාව අගය කරන නිසා පට්ටම අහිමි කිරීම අසාධාරණයි කියලයි ඇමැති තැන දිගටම කීවෙ. එතකොට රටේ දෙවැනි මහත්තය හෙවත් අලි පාටියෙ ලොකු මහත්තයට ලොකු බණක් කියන්න වුණාලු එයාව සන්සුන් කරන්න...

“ඔතන ලෝක නායකයො හඳුනගන්න හොඳ තැන. මමත් මගේ මේ දිග ගමන පටන් ගත්තෙ ඔතනින් තමයි ඒක හින්ද දැන් කළයුත්තෙ දෙන දේ අරගෙන ඒකෙන් තමන්ගෙ පාර හදාගන්න එකයි...” අලි පාටියෙ ලොකු මහත්තය කිව්ව.. ඒ කතාව ඇහුවම එච්චරවෙලා සැරට හිටපු ඇමැති තැන ලෝකෙ දිනාගන්න පට්ටම භාරගන්න කැමති වුණා කියලයි ආරංචි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00