2017 මැයි 20 වන සෙනසුරාදා

දෙන දෙයියන්ට එපා කියලා

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 405

ළඟදිවෙන්න යනවය කියන ඇමති මාරුවෙදි දැනට අලි පාටියට අයිති එක්තරා අමාත්‍යංශයක් ඕනනම් පුටු පාටියට ගන්න කිව්වලු.

මේ අමාත්‍යංශය ළඟදි පිටරටත් එක්ක ලොකු ආන්දෝලනාත්මක ව්‍යාපෘතියකටත් සැට්වෙන්නලු යන්නෙ...

ඒ අල්ලපනල්ලෙ මේක භාරගන්න කරපු ආරාධනාවට පුටු පාටියෙ මහත්තුරු වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නැතිකම ප්‍රශ්නයක් වෙලා කියලා ආරංචියි.

පහුගියදාක දැනට වඩා බලවත් අමාත්‍යංශයක් ඉල්ලපු පුටු පාටියෙ ලොකුම පුටුවක් දරන දේශපාලන ලොක්කෙකුට ඔය කියන අමාත්‍යංශය භාරගන්න කිව්වම එයා ගත් කටටම එපා කිව්වා කියලත් ආරංචියි.

රටට හුඟක් වැදගත් බරපතළ රාජකාරි කියන බිස්නස් පැත්තටත් බර මහ මුහුදටත් සම්බන්ධ මේ අමාත්‍යංශය භාරගන්න පුටු පාටියෙ අය අකමැතිවීම දැන් කාටත් ලොකු ප්‍රහේළිකාවක් වෙලාය කියලා ආරංචියි.

මේ එපා වීමට හේතුව ළඟදි ඔය ආයතනෙ පිටරටත් එක්ක ගහන්න යන ගිවිසුමක්ය කියලත් කතාවක් යනවා.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00