2017 මැයි 20 වන සෙනසුරාදා

ඔපර් ලැබෙන මහත්වරු

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 381

රජරට පළාත් සභාවෙ බලය බේරගන්න තිරය පිටුපස්සෙ ලොකු වැඩසටහනක් දියත්වෙලා තියනවය කියල තතුදත් අය කියනව...

ඒ නිසා පුටු පාටියෙන් අයින්වෙලා මහින්ද සරණ ගිය අයට දැන් හිටුකියල නොයෙක් ඔපර් ලැබෙන්න පටන් අරන්ලු...

මේ විදියට බාගන්න ට්‍රයිකරන මන්තිරි සයිස් මහත්තුරුන්ට මොණර කොළවලින් පවා ලංසු තියලය කියලයි ආරංචි.

ඒ ඇර තනතුරු වස්තුව නොයෙක් දේ ඒ ඔපර් පැකේජ් ඇතුළෙ තියනවය කියලා ඔපර් ලැබුණ උදවියම තැන් තැන්වල ප්‍රසිද්ධ කරලලු.

සමහරුන්ට නම් මේ ඔපර් වැඩකර බවත් දැනගන්න තියනවා. තවත් අය වැට උඩලු. කොහොම කොහොම හරි රජරට කරළියෙ පෙරැළි ළඟදිම දැනගන්න පුළුවන් කියල ඉඟි බිඟි පළවෙනවා.