2017 මැයි 20 වන සෙනසුරාදා

දුක්බර ආරංචියක්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 402

ඇමැති සංශෝධනය කිරීමට පෙර ආණ්ඩුවේ අලි පාටිය නියෝජනය කරන එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් රටේ ලොකු මහත්තයා විසින් කැඳවා තිබූ බව කියැවෙයි.

තනිවම ඇමැතිවරයා සමඟ කතාකළ රටේ ලොකු මහත්තයා කෙළින්ම ප්‍රකාශකර ඇත්තේ මට ආණ්ඩුවේ නායකයා හැටියට ඔබ දැන් දරන තනතුරෙන් ඉවත් කරන්නට සිදුවෙනවා කියායි.

ඉවත්කරන බවත් කීවද ඔහු පත්කරන තනතුර කුමක්ද කියා ඉඟි කිරීමක් මෙම හමුවේදී සිදුනොවූ බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් තමන් ඉවත් කළොත් පසුපෙළට ගොස් මහ පෙරැළියක් කරන බවට කලින් නොයෙක් තැන්වල කියා තිබූ ඇමැතිතුමා ලොකු මහත්තයාගේ දැනුම්දීමේදී කිසිවක් නොකියා තුෂ්නිම්භූතව උන්බව තතු දත් ආරංචි මාර්ග කියයි.