2017 මැයි 13 වන සෙනසුරාදා

අලුත් පක්ෂයක් එනවලු

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 371

“අත පාටියෙන් ඇවිල්ලා වයඹ පළාත නියෝජනය කරන එක්තරා කලාබර ඇමැති කෙනකුට පක්ෂය ගැන තද කලකිරීමක් ඇවිල්ලලු සම්මුති ආණ්ඩුවට කෙරෙන කෙනෙහිලිකම් ඉවසා ගෙන තවදුරටත් මෙහෙම ඉන්න අමාරුයි කියලා උන්නැහේ තමන්ගෙ ඇමැති සගයො ගණනාවක් එක්ක කිව්වලු.

ඒත් අත පාටියෙන් තමන් ඒකාබද්දෙට යන්නත් සූදානමක් නැහැ කියපු මුන්නැහේ... තමන්ගෙ විමුක්තිය තමන්ට සලසා ගන්න ඕන කියල වෙනම පක්ෂයක් පටන්ගන්න සේරෝම කටයුතු සූදානම් කරල කියලත් ආරංචියි...
කවදත් නායකයෙක් වෙන්න ට්‍රයි කළ උන්නැහේ කලක් අලි පාටියෙත් හිටිය පස්සෙ අත පාටියට ආව... ඒ දෙකේදිම මනාප ඡන්ද හුටපට නිසා එයාට හුඟක් ප්‍රශ්න ආවා කියලා උන්නැහේ කියනවා.
ඉතින් කොහොම හරි සම්මුති ආණ්ඩුවෙ කෙළි සෙල්ලම් බලාගන්න අතරෙ තමන්ගෙම පක්ෂයක් හදාගෙන අලුත් දේසපාලන අඩව්වක් අල්ලන්නයි උන්නැහේ දැන් දත කන්නෙ.  

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00