2017 මැයි 06 වන සෙනසුරාදා

සූපවේදී ඇමැතිතුමා

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 530

හොඳට කන්න උයන්න පුළුවන් ඇමැතිතුමෙක් ඉන්නවලු... ගමෙන් ඇවිල්ල (අත) පාටියෙ ඉහළම වගකීමක් දරන ටිකක් තරුණ මුන්නැහේ දැන් ගතකරන්නෙ තනිකඩ ජීවිතයක්...

උන්නැහේගෙ තාත්තත් ඇමැතිකම් මහ ඇමැතිකම් කරපු හොඳ ශ්‍රී ලංකා කාරය. අපේ ඇමැතිතුමත් ලංකාවෙ ගොවිතැන් බත් කරන මිනිස්සුන්ගෙ වැඩ කටයුතු බලා කියාගෙන ඉන්නව...

ඇමැතිකමට අමතරව රසට කෑම පිසීමේ හැකියාව ඇති මේ ඇමැතිතුමා ගෙදර ඉන්න දවසට තමන්ටත් තමන්ගෙ සේවක කාර්ය මණ්ඩලයටත් රසට කෑම බීම හදලා දෙනවලු...

උන්නැහේගෙ කුස්සියෙ කටයුතු හමාර වෙනකම් අහල පහළ ගැවසෙන එක එක ලේකම් පට්ටම දරන අයට “ඇමැතිතුමා කෑම උයලා ඉවරයි ලේකම්වරු කන්න වරෙල්ලා”... කියල කතා කළාම කවුරුත් ඇවිල්ලා අනුභව කරනවලු. මැති ඇමැතිලට අතට පයට වැඩකාරයො ඉන්න රටක මේ තරුණ ඇමැතිතුමාගෙ සරලකම සෑහෙන්න වටිනවා...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00