2017 මැයි 06 වන සෙනසුරාදා

අමුතු ඇරයුමක්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 422

අත පාටියෙ ජ්‍යෙෂ්ඨයෙක් වුණ තාත්තගෙ පට්ටම අහෝසි කරපු එකට විරෝධය පළකරන්න අස්වුණ පුතා ගැන හැමෝම දන්නවා.

එහෙම තනතුරින් ඉවත්වුණ පුත්‍රයට ලංකාවෙ දේසපාලනේ ගැන හුඟක් උනන්දු තමන්ගෙ ගෝල බාලයො ගණනාවක්ම දේසපාලනේට පූට්ටු කරපු මාධ්‍ය අංසයෙ ප්‍රබල චරිතයකින් ආරාධනාවක් ලැබුණලු...

වැඩි සම්බන්ධයක් නැතිවුණත් ලැබුණ ආරාධනාව අනුව මේ තරුණ දේශපාලකතුමා ඇවිල්ල මාධ්‍ය ලොක්ක මුණගැහුණ කියලා කියනවා. තාත්ත වෙනුවෙන් පට්ටම අතහැරපු උන්නැහේට මාධ්‍ය ලොක්කගෙන් ඉහළම පිළිගැනීමක් එක්ක සත්කාර ලැබුණ බවත් ආරංචියි.

මේ දෙන්න විතරක් සෑහෙන වෙලා සතරකන් මන්ත්‍රණයකුත් කළාලු... ඊටපස්සෙ මාධ්‍ය හිමි ධනපති මහත්මය දේශපාලකතුමා වාහනේ ළඟටම කැන්දගෙන ඇවිල්ලා බොහෝම ගරුකටයුතු විදියට සමුගත්තලු...

මේක සාමාන්‍යයෙන් අසාමාන්‍ය කතාවක්. මේ තරුණ දේශපාලකතුමා මොන පිම්මකට ලෑස්තිවෙනවද කියන එකත් සමහරුන්ට ප්‍රශ්නයක්.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00