2017 මැයි 06 වන සෙනසුරාදා

දූත ගමන් බැරිලු

 2017 මැයි 06 වන සෙනසුරාදා, ප.ව. 06:00 483

පක්ෂ සමගිය නැතුව අත පාටියට ගොඩයන්න බැහැ කියන එක මැයි දිනේදි ශ්‍රී ලංකා කාරයන්ට තේරුණාලු...

ඊට පෙර ඉඳලම පක්ෂයේ කණ්ඩායම් දෙකේ සමගිය ඇතිකරන්න ජ්‍යෙෂ්ඨ ඇමැති කස්ටියක් වැඩ කළා...

ඉතින් මේ ගැන මෛත්‍රී මහින්ද දෙපාර්ශ්වයටම තදින් බලපෑම් කරන්න ඒ ඇමැති පිරිස තීන්දු කළා. ඒකට මේ දෙගොල්ල හම්බුවෙන්න යන්න ජ්‍යෙෂ්ඨයො කස්ටියකගෙන් සමන්විත නියෝජිත පිරිසකුත් නම් කළා... මේ පිරිසට දැනට ආණ්ඩුවෙ ඇමැති පට්ටම් දරන ලොකු ලොකු ජ්‍යෙෂ්ඨයො සේරම වගේ ඇතුළත් කළා කියමුකො...

ඒත් මේ අය අතරෙ ඉන්න අගමැති පුටුවට පවා කිට්ටු කරපු ජ්‍යෙෂ්ඨයෙක් “අනේ ඔයාලා මොනව කිව්වත් මට නම් ඔය මනුස්සය එක්ක කතාවට එන්න බැහැ” කියල සාම ගමන ප්‍රතික්ෂේප කළාලු...

කොළඹින් ඌව පැත්තට ගිහිල්ල එහේ ආසනයක් තරග කරල ඒකත් පහුගිය ඡන්දෙදි දිනාගන්න බැරිවුණ උන්නැහේ නිමල පොරක් කියලයි ආරංචි... උන්නැහේ බැහැයි කියල කිව්වට අනිත් සාමදූතයො වැඩේ අත්හරින්නෙ නැතුව කරගෙන යන්නයි සැලැසුම.