2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මාර තෑග්ගක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 611

මේ ආණ්ඩුවෙ රාජ්‍ය ඇමැති පට්ටමක් දරල පසුගිය කලෙ පට්ටම එපා කියලා ගෙදර ගියපු පුත්තලම් පැත්තෙ දේසපාලුතුමෙක් අපූරු උපන්දින උත්සවයක් තිබ්බ කියල සූ ගාලා කතාවක් යනවා.

උපන්දිනෙ එතුමාගෙ මිනිබිරියගෙ කියලයි කියන්නෙ... මේ පුංචි මිනිබිරියට හිටපු ඇමැති තැන දුන්නෙ එසේ මෙසේ උපන්දින තෑග්ගක් නොවේ රුපියල් ලක්ෂවලින් ගත්තොත් ලක්ෂ 400ක් විතර වටින කිරි කිරි බෙන්ස් කාර් එකක්ලු.

තමන් ඇමැති පට්ටම දරන කාලෙ හරිහමන් නිල රථයක්වත් නැතැයි මැසිවිලි නැගුව මුන්නැහේ තමන්ගෙ පුතාගෙ දරුවට දුන්න උපන්දින තෑග්ග නම් අපූරුයි.

එච්චර විතරක් නොවේ මේ තෑග්ග පිරිනමන්න සූදානම් කරපු උපන්දින සාදය සිඟිත්තන් අතර ජනප්‍රිය සුරංගනා කතා තේමාවක් අනුව නිර්මාණය වෙලා තිබුණලු... විශාල අමුත්තො පිරිසකුත් ඒකට ඇවිල්ල මේ අපූරු සාදයට බුකියෙනුත් මාර ප්‍රසිද්ධියක් ලැබිලා...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00