2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

පවුලෙ අය එන්නෙ නැහැ

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 405

උතුරු මැද ඇමැති සටනට ඉහළම පවුලක තරැණ නෝන කෙනෙක් ඉදිරිපත් වෙන්න යනවය කියල පහුගිය දවස්වල හෝ ගාල කතාවක් ගියා. ඒ ආරංචිය ඇත්තක්ද නැත්තක්ද කියල හොයමින් හිටපු අයට පසුගියදා රටේ ලොකු මහත්තයාගෙ ප්‍රධානත්වෙන් රජරට තිබුණ සුහද හමුවකදී උත්තර ලැබුණ කියල ආරංචියි...

කවුරුවත් ප්‍රශ්න කරන්න නැතුවම මහ ඇමැති කතාව ගැන උත්තර බැඳපු රටේ ලොකු මහත්තය තමන්ගෙ පවුලෙ නෝන කෙනෙක් මහ ඇමැති සටනට එන්නෙ නැතිබව ඉස්තීරෙටම කිව්වලු...

එච්චර විතරක් නොවේ තමන්නෙ දරුවො තමන් බලයේ සිටිනතුරු ඡන්දවලට එන්නෙ නැති බවත් තහවුරු කරල... මේ කතාව ලොකු මහත්තය කියන වෙලාවෙ එතන හිටපු මහ ඇමැති හා මැතිඇමැති කස්ටියට ඒ ප්‍රවෘත්තිය ලොකු කතාවක් වුණා කියලා තතුදත් අය කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00