2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

උතුරට අලුත් මුහුණක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 363

අනෙක් පළාත්වල වගේම උතුරෙ මහ ඇමැති සටනටත් දැන් සමහරු දතකට මැදගෙන සූදානම් වෙනව කියල කතාවක් යනවා.

දැන් ඒ පට්ටම දරන විග් තුමා තමන්ට පාර පෙන්නපු පක්ෂයත් එක්ක ගෝරිදාගෙන ඉන්න හින්ද එයාට මහ ඇමැතිකමට එන්න ආයෙ ඉඩක් නැහැ කියල එයාගෙ පක්ෂයෙ අය ඊයෙ පෙරේදා රහසිගත රැස්වීමකදී තීන්දු කරල. 

ඒ වෙනුවට උතුරෙන් දියවන්නා කවුන්සිලේට ඇවිත් ඉන්න රැඩිකල් චරිතයක් තෝරාගන්නත් එකඟ වෙලාලු. උන්නැහේ ශ්‍රී ධරන් කෙනෙක් කියල ආරංචියක් යනව.

උතුරෙ මාධ්‍ය ආයතන ගණනාවකටත් උරුමකම් කියන පවුලකින් එන නිසා මේ රුඩිකල් චරිතයට වැඩි වගකීම් පවරල හෙමින් සීරුවෙ ඉස්සරහට ගේන්නලු යන්නෙ...

මේ කතාව එයාට වගේම දැන් මහ ඇමැති පුටුවෙ ඉන්න විග් තුමාටත් දැනගන්න ලැබිල තිරය පිටුපස සටනට දෙගොල්ලම සූදානම් වෙනබවයි දැනගන්න තියෙන්නෙ. තමන්ට අපේක්ෂකම නොලැබුණොත් විග් තුමා තනියම සටනට එන බවත් කියනවලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00