2021 මාර්තු 06 වන සෙනසුරාදා

පාස්වර්ඩ් අවනඩුව

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 628

උන්නැහේ නගරෙක අධිපති පුටුවෙ වාඩිවෙලා හිටපු කෙනෙක්... හැබැයි උතුරු පළාතෙ ප්‍රධානම නගරෙ මහ පුටුවෙයි එයා වාඩිවෙලා හිටියෙ...

නමුත් එයාලගෙ පක්ෂයෙ ඇතුළෙ හටගත්ත ආරවුලක් නිසා උන්නැහේට නගරාධිපති පුටුව අහිමිවෙලා වෙනත් කෙනෙකුට ඒ පුටුව හිමිවුණා...

හැබැයි දැන් මේ අලුත් නගරාධිපතිට තමන්ගෙ රස්සාව කරගෙන යන්න බැරි තැනට වැඩේ සෙට්වෙලාලු. ඒකට හේතුව තාක්ෂණික ප්‍රශ්නයක් කියලයි ආරංචියි... නගර සභා පරිපාලනේට සම්බන්ධ සියලුම ලිපිලේඛන මුදල්, ටෙන්ඩර්, ගනුදෙනු කිසිම දෙයක නිල ලේඛන ලිපිගොනුවල නැතිලු. ඒව තියෙන්නෙ නගරාධිපතිගෙ නිල පරිගණකයෙලු...

නමුත් ඒක විවෘත කරන්න ඕන කරන (පාස්වර්ඩ්) එක තියෙන්නෙ හිටපු නගරාධිපති ළඟ.... ඒක එයා අලුත් නගරාධිපතිට දෙන්නෙ නැතිලු... මේ නිසා උතුරෙ ලොකුම නගරෙ නගර සභාව දැන් අලවෙලා කියලයි ආරංචි...
අපිට ලැබෙන අලුත්ම තොරතුරුවල හැටියට පරණ නගරාධිපති හංගගෙන ඉන්න (පාර්ස්වර්ඩ්) එක ඉල්ලල අලුත් නගරාධිපති උසාවි යන්නලු දැන් සූදානම...

එහෙම ගියොත් ඒක ලංකාවෙ පළවෙනි (පාර්ස්වර්ඩ්) නඩුව වෙයිලු...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00