2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

දේශපාලන ගැට

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 713

අලි පාටියේ කට්ටියයි, දුරකතනේ කට්ටියයි එකතුවෙන්න ඉහළින් කතාව යද්දී අලිපාටිය ඇතුළේ දෙන්නෙක් ලොකු තැනට බාල්දියක් දාලලු ඒ වැඩේ කරන්න එපා කියලා. එක්කෙනෙක් ගාල්ලෙලු, අනෙක් කෙනා පුත්තලමෙලු. දෙන්නම ඉහළ තනතුරුවල ඉන්න ගමන් ලොකු තැනට දැන්නුවලු මේ කට්ටිය එන්න හදන්නේ ඔබතුමා යවලා පක්ෂය අල්ලන්න කියලා. ඒ නිසා “මේකට ඉඩ දෙන්න එපා සර්r,කියලා කිව්වලු.

අලි පාටියෙ ඉහළ මට්ටමේ දෙනෙක් එකතුවෙන්න කැමති වුණාට, මේ දෙන්නගේ බරබරේ නිසා නායක තැනත් ඒ අදහස පසුව වෙනස් කරගත්ත බවයි ආරංචි. දැන් එතුමත් ඉන්නේ දුරකතනය එක්ක යන්න බෑ කියන මතයෙලු. ඒ නිසා දැන් එයාලා හදනවලු 43ක් කාණ්ඩයට කොක්ක ගහලා දුරකථන පාටියට පොඩි ෂොට් එකක් දෙන්න. හැබැයි ඒකට 43 කට්ටිය තවම කටක් ඇරලා වචනයක් දීලා නෑ කියලයි ආරංචිය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00