2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ගලේ කෙටූ තීන්දුව

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 628

වාස්තුමා ක්‍රිකට්වලින් වාෂ්ප වුණේ ඇයි කියන එක ක්‍රිකට් ප්‍රේමීන්ට ලොකු ප්‍රශ්නයක්....

බටහිර ඉන්දීය සංචාරෙට දවසකට කළින් හදිසියේම එයා ගමන යන්න බැහැ කිව්වෙ ගනුදෙනු ප්‍රශ්නයක් නිසාය කියලයි කියැවුණේ.

ඊටපස්සේ මේ ගැන කරපු සොයාබැලීමේදි හෙළිදරව් වුණේ රට ගැන කල්පනා කරනකොට ටිකක් දුක හිතෙන කතාවක්.

වාස්තුමාට මේ සංචාරේ පන්දු පුහුණුකරු තනතුර දුන්නෙ තාවකාලිකව. උන්නැහේ ඒ වෙනකොටත් සාමාන්‍ය පුහුණුකරුවෙක් විදියට ක්‍රිකට් ආයතනෙන් වැටුප් ලබන කෙනෙක්.

නමුත් මේ අතිරේක රාජකාරිය හදිසියේම පැවරුණු වෙලේ උන්නැහේ කොන්දේසියක් දැම්මලු. තමන් මේ ජොබ් එක බාරගන්න නම් දවසකට ඩොලර් 200 බැගින් වැඩිපුර ගෙවීමක් ඕන බවයි එයා කියලා තිබ්බෙ...

ක්‍රිකට් සංචාරයට පැය කිහිපයකට කලින් මේ ඉල්ලීම ඉදිරිපත් වුණාම ක්‍රිකට් ලොක්කන්ටත් කරකියා ගන්න දෙයක් නැතිවුණාලු. කළමනාකරණ මණ්ඩලේ අනුමැතියක් නැතුව එකවර ගෙවීම් වැඩි කිරීම අමාරු නිසා දවසකට ඩොලර් 200 වෙනුවට ඩොලර් 100ක්වත් අනුමත කරලා දෙන්නම් කියලා ක්‍රිකට් ආයතනෙ අය කිව්වට වාස්තුමා තමන්ගෙ තීරණය වෙනස් කළේම නැහැල්ලු...

කොහොමහරි සංචාරය ඉතාම වැදගත් නිසා අන්තිමට කළමනාකරණ අංසෙ අනුමැතිය පස්සෙ ගන්න හිතාගෙන ඩොලර් 200 ගෙවන්න ක්‍රිකට් ලොක්කො කැමැතිවුණාට වාස්තුමා කිව්වෙ මම තීරණය අරන් ඉවරයි කොච්චර මුදල් දුන්නත් මට යන්න බැහැ කියලයි... එහෙම කියල උන්නැහේ සංචාරෙන් ඉවත්වීම ලොකු ප්‍රශ්නයක් වුණා.

මේ කතාව ඇත්ත නම් මේ රටේ ක්‍රිකට්වල නමක් තැබූ අය ඇයි මෙහෙම කරන්නෙ කියන එක තමයි ක්‍රිකට්වලට ආදරේ අයට තිබෙන ප්‍රශ්නය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00