2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ට්‍රයි කිරිල්ල

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 869

විපක්ෂයෙ එක්තරා දේශපාලන ලොක්කෙක් ආණ්ඩුවෙ ලොකු මහත්තය හම්බුවෙන්න මේ දවස්වල ලොකු ට්‍රයි එකක් දෙනවලු.

මාධ්‍ය සාකච්ඡා තියල හයියෙන් කෑගහන මේ දේශපාලුතුමා එක්තරා දේශපාලන සන්ධානයක ලොක්කා බවත් කියැවෙනවා.

තිරය පිටුපසින් ඇහෙන ආරංචි අනුව කියවෙන්නෙ මෙයා ලොකු මහත්තය හමුවෙන්න ට්‍රයි කරන්නෙ ආණ්ඩුවට කරණමක් ගහන්නලු. අපට එහෙම කියන්නෙ එයාගෙම ගෝලයෝ. මේ විදියට එයත් ආණ්ඩුවට සැට්වෙන්න යන්නෙ එයාගෙ සන්ධානෙ එක්කෙනෙක් දෙන්නෙක් දැනටමත් ආණ්ඩුවට ගිහිල්ලා සැපවිඳින නිසයි.

ඒ සන්ධානෙ තවත් ලොක්කෙක් ළඟදිම ආණ්ඩුවට යන්න දැනටමත් පාර කපාගෙන ඉවරයි.

පසුගිය යහපාලන රජයේත් ඇමැති සයිස් පොරක් හැටියට හිටපු මුන්නැහේලගේ සන්ධානෙට බලය තියෙන්නෙ උඩරට කඳුකරයෙයි.

කොහොම වුණත් මේ දවස්වල දේශපාලන “මනෝ” ලෝකයක සැරිසරන මේ සුළු පක්ෂ බලවතාට ආණ්ඩුවට යන්න කියලා බවලත් කෙනෙකුගෙනුත් උපදෙස් ලැබිලා නිසයි එයා මේ ගමනට ට්‍රයි කරන්නෙ.

එයා කොපමණ ලොකු මහත්තය හමුවෙන්න ට්‍රයි කළත් ඒ පැත්තෙන් ග්‍රීන් ලයිට් පත්තු කරන පාටක් නැති එක ගැන එයා හරි දුකෙන් ඉන්න බවත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00