2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

රස්සා ඉල්ලීම

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 664

ආණ්ඩුවෙ එක්තරා ඇමැති සයිස් මහත්තයෙක්ගෙන් එයා යටතෙ තියෙන ආයතනයක ලොක්කෙකුට අමුතු ජාතියෙ ඉල්ලීමක් ඉදිරිපත් වෙලාය කියල ආරංචිය.

පසුගිය ඡන්දෙ කාලෙ තමන්ගෙ පෝස්ටර් අලවන්න එකතු කරගත්ත කොලු නඩේට ඒ ආයතනයෙ රස්සාවල් දෙන්න කියන එකයි මේ ඉල්ලීම.

ඔය කියන ආයතනෙ රටේ වැදගත් රාජකාරියක් කරන ප්‍රමිතියක් අනුව සේවයට පුද්ගලයන් බඳවාගන්න නිල ඇඳුම් සේවාවක් බවත් ආරංචියි.

ඉතින් දේශපාලන බලවතාගෙන් මේ රස්සා ඉල්ලීම ඉදිරිපත් වුණාම ආයතන ප්‍රධානියා රැකියා ඉල්ලන අයගෙ මූලික සුදුසුකම් බැලුවලු.

හැබැයි ඒ කාටවත් මූලික සුදුසුකම් අහලකවත් නැති බවයි සොයාගෙන තිබෙන්නෙ.

දැන් කැබිනට්ටුවෙ හිටියත් මේ ඇමැති තැනත් කලක් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දරාපු කෙනෙක්. කලකට පෙර ඈත පළාතකින් ඡන්දෙ ඉල්ලල මෙවර බස්නාහිර පළාතෙන් තමයි උන්නැහේ කවුන්සිල් ගියේ.

කොහොම නමුත් එයාට තිබෙන බලයේ හැටියට උන්නැහේ තමන්ගෙ පොස්ටර් බළකායට රස්සා දෙන්න ආයතන ප්‍රධානියට බලකරන එක දිගටම කරනවා... ඒත් රටේ නීතිය කඩන්න බැරැව ආයතන ප්‍රධානියා මේ නිසා අවුලට පත්වෙලාලු ඉන්නෙ. එයා නීතිය වගේම දේශපාලනඥයා එක්ක සාමය පවත්වාගන්නත් ලොකු උත්සාහයක් ගන්න බව තතු දත් අය කියනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00