2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

බ්‍රේක් නැති පොරක්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 581

දුරකථන පාටියේ ටිකක් කටකාර දඟකාර වැඩකරන හැමදේම (හරී) කියලා හිතන උන්නැහේ පසුගිය කාලෙම නොයෙකුත් ජනප්‍රිය වැඩ කරා. නළු මන්ත්‍රීතුමා හිරේ ගිය එකට කළු සාටක දැම්මා. සර් ෆේල් කිව්වලු. රටේ නැති කතා කිව්වලු. තමන් අදහන ආගමේ ඉහළම තැන්වලටත් උන්නැහේ බැන්න. රටේ ලොකු තැන ගැනත් සැර කතා කියලා තිබුණා. ඒ තරම් කටට බ්‍රේක් නෑ. ඉතිං මෙයාගේ මේ වැඩ ගැන පක්ෂයේ බහුතර පිරිසක් කැමති නෑලු. මෙයා (හරී) කියලා කරන හැමදේම විපක්ෂයට ලකුණක් කියලා හිතන්න එපා කියලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ වගයක් පක්ෂයේ ලොකු තැනටත් පැමිණිලි කරලලු තියෙන්නේ.

ඉතින් පක්ෂනායක තැනත් කීපවතාවක් උන්නැහේට අවවාද කළත් පහුවදා උදේ වෙද්දී ඒවා අමතකයිලු. කොහොම වුණත් නුදුරේදීම මෙයාට පාටියෙ ලොකු ලොක්කො දෙහිකපන්න බලාගෙනලු ඉන්නේ. හේතුව මෙයා කරන හැමදේම (හරී) කියලා හිතන්න එපා කියලා. මොකද ජ්‍යෙෂ්ඨයෝ කිව්වලු එයාගේ දේශපාලනය තවදුරටත් කරගෙන ගියොත් පක්ෂය විහිලුවක් වෙයි කියලා. කොහොම වුණත් එයාගේ විනය ගැනත් කීපදෙනෙක් පැමිණිලි කරලා කියලයි ආරංචිය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00