2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

එක බස් එකේ ගමන වරදී?

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 821

පළිගැනීම් කොමිසමෙන් දුන්න වාර්තාව අනුව යහපාලන දූෂණ මර්දන කමිටුවේ හිටිය ඔක්කොටම චෝදනා එල්ල වෙලාලු. ඒකෙන් වැඩිම කට්ටිය දැන් ඉන්නේ දුරකථන පාටියෙලු. මේ නිසා පාටියේ නායකතුමා කට්ටිය එක්ක කතාවෙලා තීරණය කළාලු මේ ඔක්කොම වෙනුවෙන් එකතුවෙලා වැඩකරන්න.

ඉතින් ඒකේ පළවෙනි සාකච්ඡාව තමයිලු අලිපාටියේ ලොකු තැන හමුවීම. දෙවැනි වැඩේ තියෙන්නේ මාළිමාවේ ලොකු තැන හම්බවෙන්නලු. මේ අය එක්ක කතාකරලා උසාවි යන්නලු ප්ලෑන් එක.

ඒත් දැනගන්න ඇති ආකාරයට අලි පාටියේ කට්ටියත්, මාළිමාවේ කට්ටියත් විරුද්ධලු දුරකථන පාටිය එක්ක වැඩ කරන්න. ඒ අය කතාවෙලා තියෙන්නේ මේ එන්න හදන්නේ දුරකථන පාටිය ලකුණු රැස්කරන වැඩකට කියලා කට්ටිය කතාවුණාලු. ඒ නිසා එන දේකට ඒ අය තනි තනියම මුහුණදෙන්න තීරණය කරාලු. ඒකට හොඳම උදාහරණය තමයි අලි පාටියේ ලොකු තැන මේ ගැන ඇහුවම කිව්ව කතාව. උන්නැහේ කියලා තිබුණෙ “මම කට්ටියගෙන් අහලා කියන්නම්” කියලයි. ඒ නිසා මේ කොමිෂන් වාර්තාව හරහා කට්ටිය එක බස් එකේ යන්න හැදුවට වැඩේ හරියන්නේ නෑලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00