2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

කතාවක් ගිය දුර

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 617

පසුගියදාක උඩරට වතුකරේ කංකරු කස්ටිය රුපියල් දාහෙ පඩිය ඉල්ලල වැඩ වර්ජනයක් කළා... ඒක මෙහෙයැවුවෙ ආණ්ඩුවට අලුතින් ආපු “තොණ්ඩමෑන්” කියල උඩරට අය කියනව. ආණ්ඩුව මේ පඩි වැඩේ ගැන ගැසට්ටුව ගහන්න යන බව කියද්දී තමයි මේ උද්ඝෝෂණය සූදානම් කළේ.

ඒ ගැන සොයාගෙන යනකොට අපට පෙනුණෙ මේ හදිසි උද්ඝෝෂණයට තොණ්ඩමෑන් පෙළඹුණේ බොහෝම සිල්ලර කාරණාවක් නිසා කියලයි. ඒ කතාව මේකයි... වතුකරේ පඩි ප්‍රශ්නෙ ගැන හාම්පුත්තු එක්ක තිබුණ කතාබහකට තොණ්ඩමෑන් උන්නැහෙත් ආවලු... එතැනදී බොහෝම තදින් සාකච්ඡාව යද්දි එක්තරා හාම්පුතෙක් පඩි ගැන සැරට කතා කළ තොණ්ඩමෑන්ට කිව්වලු “ඔහේ නිකම් රුපියල් දාහට කෑගහන්නෙ දේශපාලන වාසි ගන්න. ඔහේට ඔය කම්කරුවො අතරෙ කිසිම බලයක් නැහැ කියල...”

ඒ ගැන කේන්ති ගත්ත තොණ්ඩමෑන් “මම පෙන්නන්නම්කො බලය තියෙන්නෙ කාටද කියල” කියමින් පිටවෙලා ගිහිල්ල. ඊටපස්සෙ කංකරු කස්ටිය රැස්කරල උද්ඝෝෂණය කළාලු...

ඒ හින්ද තතු දත් අය කියන්නෙ මේ වර්ජනේට ඇත්ත හේතුව පඩි හුටපටයටත් වඩා වතු හාම්පුතාගෙ කතාව කියලයි. හැබැයි ඒ නිසා රටට රුපියල් කෝටි ගණනක ආදායමක් නම් අහිමිවුණා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00