2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

යහපාලන වැඩ තවමත් කෙරෙනවලු

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 708

මාර - පනක් තිබෙන යහපාලන ආණ්ඩුවෙ හිටපු ඇමැති කෙනෙක්ගෙ කැබිනට් පත්‍රිකාවක් අනුව මේ ආණ්ඩුවත් පත්වීම් දෙන්න පටන් අරන් කියල එක කතාවයි.

මේ කතාව ප්‍රබල මාතෘකාවක් වෙලා තිබෙන්නෙ ආණ්ඩුවටත් වඩා ටැලිෆෝන් පක්ෂයෙ උදවිය අතරෙයි.

උන්නැහේලගෙ පක්ෂයෙ ඉහළම තනතුරක් දරන බලවතකුගේ පවුලේ “බවලතෙකුට” මේ පැරණි කැබිනට් පත්‍රිකාව අනුව ඉතාම අපූරු රට රස්සාවක්ලු ලැබිල තියෙන්නෙ.

ඒ අනුව මේ සුන්දර “බවලතා” දැන් කැන්ගරු රටට යන්නත් සූදානම් කියල ආරංචියි.

කොහොම නමුත් ටැලිෆෝන් පක්ෂයේම පසුපෙළ උදවිය මේ වැඩේ ගැන එච්චර සතුටකින් නොවෙයිලු ඉන්නෙ. එයාලගෙන් සමහරු ඊයේ පෙරේදා කල්ලි ගැහිල කරපු කතාබහකදි ඔය කියන පක්ෂ ලොක්කගෙන් මේ ගැන විවෘත සභාවෙ ප්‍රශ්න කරන්නත් තීන්දුවක් ගත්ත බවයි කියැවෙන්නෙ. හැබැයි ඒ පක්ෂ ලොක්ක දැන් කැපවීමෙන් ටෙලිෆෝන් පක්ෂයට වැඩකරන ආණ්ඩු දෙකේම තනතුරු දරාපු, කාලයක් ආණ්ඩුවෙ (බෝඩිමෙත්) නැවතිල හිටපු පොරක්. එයත් මේ බව දැනගෙන ප්‍රශ්න කරන්න ඉන්න අයට හොඳ උත්තරයක් ලෑස්ති කරමින් ඉන්න බව ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00