2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

පෙරළුණු පිට හොඳලු

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 757

කාලයක් අලිපාටියේ දේශපාලනය කරපු ප්‍රසිද්ධ දේශපාලන පවුලකින් එන රණකාමී ක්‍රීඩකයකුයි තව නායක කෙනෙකුයි ළඟදී මාධ්‍යය අමතලා නොකියා කිව්වා එයාලා අලිපාටියේ වැඩවලින් සමුගන්නවා කියලා. කොහොම වුණත් අලිපාටියේ කට්ටිය එන්න එන්න පක්ෂයෙන් ඈත්වෙන්නේ දුරකථන පාටිය පැත්තට හැරෙන්න කියලයි ආරංචිය තියෙන්නේ.

එහෙම යන්න ලොකු දෙන්නෙකුත් මේ වෙනකොට කතාකරලා ඉවරයි කියලා දැනගන්න තියෙන්නේ. කොහොම වුණත් දුරකථන පාටියේ කට්ටියටකට දැනගන්න ලැබිලලු අර කිව්ව රණකාමී ක්‍රීඩක මහත්තයත් ඒ පැත්තට එන්න හදන්නේ කියලා. මේක ගැන දැන් ඇතුළේ කසුකුසුලු. බහුතර දෙනා කතා වෙලාලු ඉන්නේ එයා එනවා නම් ඒකට විරුද්ධ වෙන්න. ආරංචි හැටියට නායක තැනටත් දැනුම් දුන්නලු. කොහොම වුණත් මේ ක්‍රීඩක තැනගේ ආගමනයට නම් හැමෝම වගේ එකම අදහසේලු ඉන්නේ. හැබැයි එයත් පසුබහින්නෙ නැතිලු. එයා මේ වෙනකොට අර කොළඹ දිසාවෙන් පත්වුණ හිටපු උස ඇමැතිගේ පැත්තත් බලලලු තියෙන්නේ පෙරළුණු පැත්ත හොඳයි කියලා.