2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ඔබ කළ දේ මම නොකරමි

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 578

පසුගියදාක ආණ්ඩුවෙ සමහර වැඩ සැරට විවේචනය කළ ආණ්ඩුවෙ බොහොම ගුණවත් ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව. උන්නැහේ නියෝජනේ කරන්නෙ කොළඹ දිසාව කිව්වොත් හරි.

ඉතින් මෙතුමා හුඟක් උනන්දුවන පාසල් වැඩකටයුත්තක් ගැන විෂය භාර අමාත්‍යංශයට ටිකක් සැර ලියුමක් ලිව්ව.
ඒ අමාත්‍යංශයෙන් කරපු දෙයක් ගැන ගුණදොස් විවේචනයක් තමයි ඒ ලියුමෙ තිබුණෙ. උන්නැහේ ඉගැන්නිල්ල විෂයට සම්බන්ධ ඇමැති කෙනෙක් නොවුණත් ඒ ගැන බොක්කෙන්ම උනන්දු වන කෙනෙක් හැටියටයි මේ සැර ලියුම ලිව්වෙ. 
ලියුම ලිව්ව විතරක් නෙවෙයි උන්නැහේ ඒක මාධ්‍යය කස්ටියටත් නිල වශයෙන්ම නිකුත් කළා.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව එහෙම වෙන්නෙ නැහැ. කොහොම නමුත් ඉගැන්නිල්ල භාර ඇමැතිතුමා මේ සැර ලියුම ලැබුණම උන්නැහේ ඒකෙ කාරණා කාරණා අරගෙන ඒවට දීර්ඝ උත්තරයක් ලිව්ව.

මේ වගේ මාධ්‍යයට වෙනත් ඇමැති කෙනෙක් නිකුත් කරපු ලියුමකට උත්තර දෙනකොට ඒ පිළිතුරත් මාධ්‍යයට නිකුත් කිරීමයි සිද්ධ වෙන්නෙ. ඒ වුණත් ඒක කැබිනට්ටුවෙ සාමූහික වගකීමට එච්චර හොඳ නැහැ. ඒ නිසා තමන්ගේ කැබිනට් සගය එව්ව ලියුමට ඉගැන්නිල්ල භාර ඇමැති තැන යැව්ව ලියුම මාධ්‍යට නිකුත් කළේ නැහැ. එච්චර විතරක් නෙවෙයිලු එයා තමන් යැවූ පිළිතුරු ලිපියෙ විශේෂ සටහනක් යොදමින් කියල තිබුණ දේත් වැදගත්. 

එතන තිබුණෙ “ඔබ එහෙම කළාට මම නම් ඔබට වඩා වෙනස්. ඒ නිසා මම ඔබ කළ දේ කරන්නෙ නැහැ” කියලයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00