2021 ජනවාරි 30 වන සෙනසුරාදා

වාත - සංගීතය

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 724

ආණ්ඩුවෙ ලොකුම පට්ටම් දරණ උදවියට වෙන් කරපු මහල් නිවාසයක් තියෙනව. ඒක තියෙන්නෙ බම්-බල පිටිය පැත්තෙලු...

ඉතින් මේකෙ ආණ්ඩුවෙ ලොකුම නිලමෙලට අමතරව විපක්ෂයෙ ලොකුම පට්ටමක් දරණ උඩරට ලොක්කකුටත් නිවසක් වෙන් කරල තියෙනව...

නමුත් කොළඹ එයාට ගෙයක් තියෙන නිසා ඒ ගෙදරට උන්නැහේ ගිහින් නැහැ...

නමුත් එයාගෙ පාටියෙ ඉන්න රැඩිකල් ‘බණ්ඩාර’ කෙනකුට ගෙදර නවතින්න අවසර දීල කියලයි ආරංචි...

එයා මේ ගෙදර පදිංචියට ආවට පස්සෙ ඒ නිවාස සංකීර්ණෙ ඉන්න අයට වාතයක් වෙලා කියල පැමිණිලි කෝටියයි. පස්සෙ ඒ ගැන සොයල බලනකොට මෙයා හැමදාම වගේ රෑට රෑට පවත්වන සාද සහ සංගීත වැඩ නිසා අනිත් ගෙවල්වල අයට ඒක ලොකු කරදරයක්ලු. ඒ නිසා මේ ඝෝෂාව නවත්තන්න කියල අහළ පහළ උදවිය ගෙවල් අයිති ඇමැති තැනට කරදර කරන්න පටන් අරන්ලු. ඒ පැමිණිලිකරුවන් කියන්නෙ අනුන්ගෙ ගේකට ඔළුව දාගෙන අහළ පහළ අයටත් වාත වෙච්ච මෙයාට වහාම ඇක්ෂන් ගන්න කියලලු.

දැන් මේ කතාව විෂය භාර ඇමැතිතුමාටත් වාතයක් වේගෙන එන බවයි ආරංචි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00