2021 ජනවාරි 30 වන සෙනසුරාදා

සටන මිතුරගෙ මනාපෙටද?

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 538

මේ දවස්වල හිරේ ඉන්න නළු මිතුරා වෙනුවෙන් දෙන්නෙක් බැහැලා වැඩලු. ඒ දෙන්නා විතරමලු ඒ වෙනුවෙන් සටන් කරන්නේ. එක්කෙනෙක් කළු පටි දාගෙන පාර්ලිමේන්තුව දෙදරවනවලු. අනිත් කෙනා පාරක් ගානේ හිටගෙන සාධාරණය ඉල්ලලා සටන් කරනවලු. හැබැයි මේ දෙන්නම දන්නවලු නඩු තීන්දුව වෙනස් කරගන්න අමාරුයි කියලා.

පස්සේ මේ ගැන කට්ටිය හොයලා බැලුවමලු දැනගත්තේ මෙච්චර දඟලන්නේ ඇයි කියලා. මොකද නළු මිතුරා වැඩිම මනාප ගත්ත කෙනා වුණත් එයාට ආයේ අවුරුදු ගාණක් ඡන්දය ඉල්ලන්න බැරි නිසා ඒ මනාපවලට ගහන ගැටයක්ලු මේක. මේ දෙන්නම ගම්පහ නියෝජනය කරන දෙන්නෙක්ලු. එක්කෙනෙක් ඌවෙ ඉඳලා ඇවිත් දැන් වත්තලලු. අනෙත් කෙනා පුංචි දොස්තර කෙනෙක්ලු. මේ දෙන්නගේ සටන මාර සටනක් වුණාට ඇත්ත සටන මනාප සටනලු.