2021 ජනවාරි 30 වන සෙනසුරාදා

අලුත් තුරුම්පුවක්

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 534

අලි පාටියේ අතරමං වෙලා ඉන්න ටිකක් නම ගිය කිහිප දෙනෙක් ආණ්ඩුව එක්ක ජැක් එකක් ගහන්න කාලයක් තිස්සේ උත්සාහයකලු ඉන්නේ. ඒ අයගෙන් කිහිප දෙනකුට මේ පාර තනතුරුත් නෑලු අලි පාටියෙන්. කොළඹ කරුණාවට බර එක්කෙනා, දයාවට බර එක්කෙනා, ගැමුණු වගේ අය එහෙම ඉන්නවා උඩින්ම. අපි පහුගිය ටිකේ කිව්වනේ ඒ අය අලුත් සන්ධානයක් හදන්න ලෑස්ති වෙනවා කියලා. ඒ වැඩෙත් හරියන්නේ නෑ කියලයි ආරංචිය.

කොහොම වුණත් මේ අය අලුත් තුරුම්පුවක් පාවිච්චි කරනවලු. ඒ තුරුම්පුව අදින්නෙ දුරකථන පාටියෙන් පිට පැනලා ඉන්න නෝනා කෙනෙක් අල්ලං. ඒ නෝනට ආණ්ඩුවේ ඉහළ සම්බන්ධතා තියෙන නිසා කට්ටිය එයා එක්ක කදේ වැටිලලු ඉන්නේ. හැබැයි ආණ්ඩුවට යන්නද? වෙන දෙයක් කරන්නද කියලා තවම කවුරුත් දන්නේ නෑලු. කොහොම වුණත් මේ චරිත ටිකට ආණ්ඩුව ඇතුළෙන් ඒ හැටි ප්‍රසාදයක් නම් නැතිලු. නමුත් හැමෝම ඇහැගහගෙනලු ඉන්නේ. මේක අලුත් යාළුකමකුත් නෙමෙයි. හැබැයි එක පාර මේ මතුවුණු යාළුකම ගැන හැමෝම ටිකක් අවධානයෙන් ඉන්නේ කියලයි ආරංචිය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00