2021 ජනවාරි 23 වන සෙනසුරාදා

සිග්නල් දානකම් ඉන්න ලොක්කෙක්!

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 898

අලි පාටියෙ ඉහළම තනතුරක් දරල තමන් වාඩිවෙලා හිටපු ලොකු පුටුවෙන් බැහැල ගිය එක්තරා මහත්තයකුට පස්සෙ කරපු ප්‍රතිසංවිධානයෙදි දෙවැනි මට්ටමේ නායක පට්ටමක් දුන්නලු...

ජාතික මට්ටමේ ලැයිස්තු මන්ත්‍රීකමක් ගැන ඇහැ ගහගෙන හිටපු උන්නැහේගෙ බලාපොරොත්තු ඉටු නොවීම නිසා කළකිරීමටත් පත්වෙලා හිටපු මුන්නැහේ අලුත් තනතුරට නම් කළාට ඒ ගැන ඒ හැටි කැමැත්තක් නැති බවයි ආරංචි...

ඒත් උන්නැහේ තමන්ගෙ අදහස් උදහස් ප්‍රසිද්ධියෙ කියන්න ගියේ නැහැ. මේ අල්ල පනල්ලෙ එයා රහසිගතව ටැලිෆෝන් පාටියෙ සජීතුමාලගෙ හිතවතුන් එක්ක ඇයි හොඳැයියක් ගොඩනගාගෙන කියල ආරංචියි. තමන්ගේ පැරණි මිතුරන් වන ඒ අය එක්ක සුහදව කතාකරපු මුන්නැහේගෙ කතාවෙන් ටැලිෆෝන් කස්ටියට තේරුණේ මෙයත් ඒ පැත්තට කරණමක් ගහන්න හදන බවයි....

ඒ ගැන ටැලිෆෝන් පක්ෂයෙ අය නොයෙක් අදහස් උදහස් පළකරද්දී ටැලිෆෝන් පාටියෙ ලොකුම ලේකම් තැනයි මෙයයි අතරෙ ඉතා සුහද දුරකතන සංවාදයක් පැවැත්වුණාලු.

ඒකෙදි අලි පාටියෙ යාලුව තමන්ගෙ සැබෑ අරමුණ කිව්ව බවත් ආරංචියි. ඒකට ප්‍රතිචාර දක්වපු ටැලිෆෝන් පක්ෂයෙ ලොක්ක වෙලාව එනකම් ඉවසන්න ඊටපස්සේ අපි බලමු කියල වැට උඩ උත්තරයක් දුන්නලු...

ඈත වයඹින් දේශපාලනේට ආපු මේ අලි පාටි ලොක්ක ටැලිෆෝන් කස්ටියගෙ එලාම් බෙල් එක වදිනකම් නිහඬව ඉන්න යන බවයි ඊටපස්සෙ ආරංචි වුණේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00