2021 ජනවාරි 23 වන සෙනසුරාදා

වාසනාවන්තයෙක්

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 668

මේ රටේ සමහර ආයතනවල ඉන්නව හරිම වාසනාවන්තයො. එයාලා කොච්චර වාසනාවන්තද කිව්වොත් ඒ ආයතනවල හැමෝටම බලපාන නීති රීති එයාලට බලපාන්නෙ නැහැ.

ලංකාවෙ හැමෝම නම කිව්ව පමණින් දන්න එක්තරා ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලකට සම්බන්ධ මහත්තයෙක් ගැනයි අපි මේ කතාව කියන්නෙ.... උන්නැහේ සම්බන්ධ පිටරට රාජදූත සේවයට...

ඒ සඳහා පනවල තිබෙන නීතිරීති වගේම බලපවත්වන සම්ප්‍රදායන් අනුව පිටරටක නිශ්චිත කාලයක් සේවය කරන මේ වගේ තානාපති සයිස් මහත්තයෙක් අවුරුදු තුන හතරකින් පස්සෙ මේ රටට එන්නම ඕන...

ඇවිත් මෙහේ ටික කාලයක් තනතුරක් දැරුවම ආයෙමත් වෙනත් රටකට කාරිය යන්න පුළුවනි....

නමුත් අපි මේ කියන මහත්තය එක දිගටම දැන් අවුරුදු 11ක් නොයෙක් රටවල රාජ දූත සේවයේමයි ඉන්නෙ. ඒ නිසා ඒවට යන්න බලන් කොළඹ ඉන්න සාධාරණ නිලධාරීන්ගෙ පාර ඇහිරිලා කියල තමයි අපට ආරංචි වෙන්නෙ...

ඔය ආයතනෙ තිබෙන කිසිම නීතියක් - රීතියක් - සම්ප්‍රදායක් ගණන් නොගෙන මේ විදියට එක දිගට රාජ දූත සේවයේ වැඩකරන්න ඉඩදීමෙන් වැරදි සම්ප්‍රදායක් ගොඩනැගෙනව විතරක් නෙවෙයි අනෙක් සාධාරණ මිනිස්සුත් අකර්මණ්‍ය වෙනවලු.

ඒ නිසා (සද්) භාවයෙන් ඔය කන්තෝරුවෙ ඉන්න (සජ්) ජනයන්ගෙන් අනෙක් සේවකයො ඉල්ලා සිටින සාධාරණත්වය ඉටුවිය යුතු බවයි බහුතර මතය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00