2021 ජනවාරි 23 වන සෙනසුරාදා

එපාවෙලාලු

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 723

මේ ආණ්ඩුවට මුලින්ම එකතුවෙච්ච ජාතික ලැයිස්තු ඇමති සයිස් පොරකට පට්ටම එපාවෙලා කියලයි ආරංචිය. පසුගිය කාලෙ ඒ ගැන නොයෙකුත් ආරංචි කනින් කොනින් පැතිර ගියත් තහවුරු කරගන්න විදිහක් තිබ්බේ නෑ. ඒත් මේ මෑතක රටේ ලොකු මහත්තයාගේ මිතුරන් කීපදෙනෙක්ගේ අතේ පණිවිඩ පිට පණිවිඩ යවලා තියෙනවා. මේ ඇමැති තනතුර දරන්න බෑ කියලා. ඒ පණිවිඩ යවන අතරේ රජයේ ඉහළ තනතුරක් දරන එයාගේ සහෝදරයටත් පණිවිඩයක් යැව්වලු මගේ නිල වාහනය ළඟදීම බාරදෙනවා. ඊටපස්සේ මට පාවිච්චි කරන්න හොඳ වාහන දෙකක් හොයලා දෙන්න කියලා.

මිලියන ගණනක් උපයපු රස්සාවක් දාලා ආණ්ඩුවට සම්බන්ධ වුණු මේ ඇමැතිවරයට තමන්ගේ ගෙදරින් එල්ල වුණු බලපෑම් නිසා මේ තීරණය ගත්තයි කියලයි ආරංචිය. ඒකට අන්තිමට බලපාපු කාරණාව තමයි මෙයාගේ ගෙදර ඉන්න සමීපතම කට්ටිය එයා තවදුරටත් ඇමති පට්ටම දැරීම හේතුවෙන් කතා නොකර සිටීමලු.

ඒ නිසා මේ දේවල් දරාගන්න බැරිවෙලා එයා ළඟදීම තීරණයක් ගන්නලු හදන්නේ. එයා වගේම ලැයිස්තුවෙන් පත්වුණු කළුතර පැත්තේ ව්‍යාපාරික මන්ත්‍රීකෙනෙකුත් තමන් කෙටි කාලයක් දරපු මැතිසබේ ජීවිතේට ආයුබෝවන් කියන්නලු හදන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00