2021 ජනවාරි 16 වන සෙනසුරාදා

එන්න අහනවා: අනේ එපායි කියනවා

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1044

පක්ෂ මාරුවට ප්‍රසිද්ධ ළඟදි මැතිසබේට ආපු කෙනෙක් ආණ්ඩුවට සහය දෙන්න තීන්දු කරලලු..

තමන් ආණ්ඩුවට සහය දෙන්න සූදානම් කියල ඒ පැත්තෙන් ආණ්ඩුවට.. විශේෂයෙන්ම රටේ දෙවැනි මහත්තයට පණිවුඩ පිට පණිවුඩ එවලා තිබුණා..

ඒත් ආණ්ඩුව මේ ඉල්ලීම ගැන දක්වන්නෙ බොහොම සීතල ප්‍රතිචාරයක්ලු.

මෙහාට එනවට වඩා හොඳයි විපක්ෂයෙම ඉඳගෙන ආණ්ඩුවට ඕන වෙලාවට උදව් කරන එක කියලා ආණ්ඩුව ඒ පැත්තට පණිවුඩයකුත් ඇරලා.

යහපාලනේ එන්න කලින් ආණ්ඩුව එක්ක ඉඳල ඔරුව පෙරළෙන්න යනකොට ඒකෙන් පැනලා ගිහිල්ලා යහපාලනේ හදන්නත් මහන්සිවෙලා එතැනත් වැඩවසලා.. මේ පැත්තට නැවත බලය එනකොට ආණ්ඩුවට සැට්වෙන්න එන එක ගැන ආණ්ඩුව ඉන්නෙ අසතුටින්...

ඒ විදියට ආණ්ඩුවට එන්න එපා කියල පණිවුඩ පිට පණිවුඩ යැවුවත් ඒ පැත්තට ආණ්ඩුවට එන්නම ඕනලු සහය දෙන්නම ඕනලු... හැබැයි ආණ්ඩුව එන්න එපාම කියනවා... ඒත් එයා එන්නම අහනවලු. අන්තිමේදි ආණ්ඩු පක්ෂයෙ ප්‍රධාන සංවිධායක උන්නැහේට ලියුමකුත් ඇරියලු.. මගේ සහය දෙන්න සූදානම් මැතිසබේ ආණ්ඩුවෙ ආසනයක් දෙන්න කියලා...
නමුත් ආණ්ඩුවෙ අයට ඒක ඇහුණෙ නෑ වගේලු ඉන්නෙ... ඉතින් මහ ඡන්දෙන් පස්සෙ ලොකු ජරමරයක් කරල දියවන්නාව තරණය කළත් ආණ්ඩුවේ ආසනේක වාඩිවෙන්න තවමත් මේ ඉල්ලීම කරන අයට වාසනාව නැහැ වගේ පේන්නෙ.