2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

බලවත් බවලතාගේ අමුතු නියෝගය

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 881

සුළු ජාතීන් බහුල පළාතක ආණ්ඩුවෙ ඉහළම තනතුරක් හොබවන නෝන කෙනෙක් ඉන්නව... ඒ පළාතෙ ආණ්ඩුවෙ ප්‍රධාන තනතුර දරන මේ නෝන ගැන ඉහළට ලොකු පැමිණිල්ලක් ලැබිලලු...

ඒකෙ හැටියට පළාතෙ කරන සංවර්ධන කටයුත්තක් ගැන දැනුවත් කරන්න රටේ අගමැති විෂය භාර ඇමැති ඇතුළු පිරිසක් ඡායාරූප ඇතුළත් කරල හයි කරපු ලොකු නිවේදන පුවරුවක් පළාතෙ විපක්ෂෙ ප්‍රාදේශීය සභා ලොක්කෙක් ගලවල විසි කළා....

මේක වැරදි වැඩක් නිසා ඒ පළාතෙම ඉන්න ආණ්ඩුව නියෝජනය කරන (නාදන්) මන්තිරිතුමා පොලීසියට පැමිණිල්ලක් දැම්මලු...

ඒත් එම පැමිණිල්ලෙන් චූදිතයන් හැටියට නම්කරපු ප්‍රාදේශීය සභා ලොක්ක රිමාන්ඩ් කරන්න එපා කියල පළාතෙ බලවත් බවලතා පොලීසියට කියලලු...

නමුත් රටේ දෙවැනියගෙ පින්තූරෙ දාපු බෝඩ් එක ගලවල කරපු අගෞරවය නිසා පොලීසිය අර නියෝගය ගණන් නොගෙන ප්‍රාදේශීය සභා ලොක්ක රිමාන්ඩ් කළා... ඊට පසුව අර බලවත් - බවලතා ආයෙම පොලීසියට කිව්වලු. එයාට කොහොම හරි ඇප දෙන්න ඕන... ඒකට විරුද්ධ වෙන්න එපා කියල....

පළාතෙ බලවත් බවලතා මෙහෙම නියෝග දීම ගැන පොලීසියත්, පළාතෙ ආණ්ඩුවෙ මන්ත්‍රීන් පුදුමවෙලා ඊට පස්සෙන්දාම මේ පැමිණිල්ලත් අරන් කොළඹ ආපු මන්ත්‍රීතුමා වැඩේ පත්තු කළා.

ඒ අනුව ළඟදීම බලවත් බවලතාගෙන් මේ ගැන නිදහසට කරුණු අහන්නලු යන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00