2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

අලුත් චරිතයක් ඕනෑකර තිබේ

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 708

යහපාලනය ගේන්න දතකාපු කට්ටිය මේ දවස්වල තැන් තැන්වල එකතු වෙනවලු. ඊළඟ ජනාධිපතිවරණය සඳහා. අලුත් අලුත් ව්‍යාපාර ටිකක් පටන් ගන්නලු හදන්නේ. කැම්පේන් ටිකකුත් පටන් අරන්ලු තියෙන්නේ. තවම අපේක්ෂකයා තෝරන් නැතිලු. ගේන්න ඕන මතවාද මොනවද කියලා තීරණය කරලත් ඉවරයිලු. මේ වැඩේ සිද්ධවෙන තැන් දෙකක් දැනටමත් ආරංචියිලු. ඒ මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලේ ගොඩක් උදව් කරපු පන්සල් දෙකක්ලු. මේ පන්සල්වල ඉන්න ප්‍රසිද්ධ මීන්වහන්සේලා දෙන්නෙකුත් මේ කතාවේ ඉන්නවලු.

“ජාතික බලවේගයක්” කියන මාතෘකාව යටතේ ආරම්භ කරලා තියෙන මේ අලුත් ගමනට ආණ්ඩුවේ අයගේ සපෝට් එක ගන්න හදන්නේ මේ පන්සල් දෙකෙන්ලු. මොකා ආවත් ඒ එන්නේ “පොදු අපේක්ෂකයා” නෙමෙයිලු. “ජාතික අපේක්ෂකයා” කියලයි ආරංචිය.