2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

අමුතු පොතක්

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 603

පහුගිය දවසක ටැලිපෝන් පාටියේ කට්ටිය රැස්වුණාලු. ඒ අලුත් පක්ෂ ව්‍යවස්ථාව ගැන කතා කරන්න. ඒ වෙලාවේ නායකතුමා පැත්තෙන් අලුත් පක්ෂ ව්‍යවස්ථාව ඉදිරිපත් වුණාලු. ඒ වෙනකල් කාටවත් නොදුන්න මේ ව්‍යවස්ථාව එකපාර ඒ අයට හම්බවීම ගැන ගැස්සිලා ගියාලු. ඊටත් වඩා ගැස්සුණේ ව්‍යවස්ථාව කියෙව්වට පස්සෙලු. ඒකේ නායකයා පත්කරගන්න හැටිත් ඉවත් කරගන්න හැටිත් කිසිම සඳහනක් නෑලු. ඒ වගේම විධායක සභාවේ කට්ටිය පත්කරන්නෙත් නායකයලු. ඒ සභාවම විසින්මලු නායකයව තෝරන්නෙත්. ඒක අමුතුම ව්‍යවස්ථාවක්ලු. මේ නිසා කට්ටිය කලබලේ කියවන්න පටන්ගත්ත කියලයි ආරංචිය.

කොහොම හරි මේකට කට්ටිය බරබරේ දැම්මලු. නායක තැන කතාකරන්න ගත්තම බදුල්ලේ කටකාර මන්ත්‍රී තැනත් නැගිටලා ගියාලු. පස්සේ මේ ගැන හොයලා බලද්දී මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ අමුතුම පිරිසක් කියලයි ආරංචි වුණේ.

මේ ව්‍යවස්ථාවට උදව් කරලා තියෙන්නේ නායකයගේ යාලුවෝ ටිකලු. යාලුකමයි, ගෙදර වුවමනාවයි නිසාලු මෙහෙම ව්‍යවස්ථාවක් හදලා තියෙන්නේ. අන්තිමේ කට්ටිය එළියට ආවේ අලිපාටියේ ලොක්කාට හොඳ කියමින් කියල ටෙලිෆෝන් කස්ටිය දැන් කිය කියා යනව.