2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

නොපැමිණි ඇමැති

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 620

අයවැයේ දෙවැනිවර ඡන්දෙ විමසන වෙලාවෙ මැතිසබේ ආණ්ඩු පක්ෂයෙ ඉන්න හුඟ දෙනෙක් ඇවිල්ල හිටිය. විපක්ෂයේ සහය දුන්න සමහරැන් ආණ්ඩුව එක්කම ඡන්දය දුන්න...

ඒත් ආණ්ඩුවෙ ඉන්න එක්තරා රාජ්‍ය මට්ටමේ ඇමැතිකමක් කරන මහත්තයෙක් අයවැය ඡන්දෙට ආවෙ නැතිලු. හැමෝම මේකට සහභාගි වෙන්න කියල අනිවාර්යයෙන් දන්වල තියෙද්දී තමයි එයා ආවෙ නැත්තෙ... කොළඹින් හුඟක් ඈත පළාතක් නියෝජනය කරන ඒ පළාතටම ආවේණික පරිසරේටත් ගැලපෙන විෂයයක් තමයි මුන්නැහේ භාරව ඉන්නෙ...
හැබැයි එයාට මේ ආණ්ඩුවෙන් කැබිනට් පට්ටමක් ලැබුණෙ නැහැ කියල පොඩි කොක්කක තමයි ඉන්නෙ. තමන්ට විතරක් නෙමෙයි තමන් නියෝජනය කරන පළාතටම කැබිනට් පට්ටමක් නැහැ කියලයි එයා කියන්නෙ....

ගමෙන් කොළඹ ආපු ගැමියෙක් වගේ අදටත් පෙනී සිටින බත් බුලත් කන කෙනෙක් හැටියට ප්‍රකට මුන්නැහේ හේතුවකුත් නොකිය ඡන්දෙට නොපැමිණීම ගැන ඉහළිනුත් පොඩි විමර්ශනයක් පටන් අරන් කියලයි තතු දත් අය කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00