2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

එයා එන දවස

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 715

මේ ආණ්ඩුව හදන්න දිවා රෑ මහන්සි වුණ බී.ආර්. උන්නැහේ කවුන්සිලේට එනවද නැත්ද කියන එක ගැන එක එක කතා පැතිරෙනව. ඒත් ඒ කාටවත් උන්නැහේ උත්තර දීල නැහැ....

පසුගියදා ලොකු මෙහෙයුමක් කරල 20 සම්මත කරගන්නෙ එයාට රට පුරවැසිකමත් තියාගෙන කවුන්සිලේට එන්නය කියලයි විපක්ෂය මොරගෑවෙ.... ඒත් 20 සම්මතයෙන් පස්සේ බී.ආර්. උන්නැහේ සද්ද නැහැ... 

ඒ පාර ඊයෙ පෙරේද දවසක් දියවන්නා ලොබියේදී ආණ්ඩු පක්ෂයේ ඉන්න බී.ආර්. තුමාගෙ සමීපතම මන්ත්‍රී සයිස් පොරකගෙන් තවත් පසුපෙළ දෙතුන් දෙනෙක් බී.ආර්. ආගමනය ගැන ප්‍රශ්න කළා.

බී.ආර්. කවුන්සිලේට එනව නම් ඒ බව මුලින්ම දැනගතයුතු මන්ත්‍රීතුමා නිසායි එයාගෙන් මේ ප්‍රශ්නය ඇහුවේ.

ඒකට බී.ආර්. හිතවතා දුන්න උත්තරේ මේකයි. “අපේ සර් එනව... එන්නෙ අද හෙට නම් නෙවෙයි... හැබැයි ඒ එන්නෙ රට පුරවැසිකම නැතුවයි... ඒක තියාගෙන උන්නැහේ එන්නෙ නැහැ....” මන්ත්‍රීතුමා එහෙම කිව්වම කස්ටිය ඔළුව වනල විසිර ගියා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00