2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

නාගැනිල්ල

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 536

උන්නැහේ ඔක්සිජන් කතාවකට එකපාරක් නා ගත්ත. ආයේ තවපාරක් කැළෑවක් එළිකරගන්න ගිහින් බැනුම් ඇහුවා. වයඹ පළාතේ රාජ්‍ය ඇමතිතුමා පහුගිය දවසක ආයේ නාගත්තලු රටක් ඉස්සරහම.

ෆේස් බුකියේ ගිය රටේ මහතැන, දෙවැනි තැන පන්සලක එක මේසේ ඉඳලා කෑම කාපු පින්තුරයක් නිවැරදි කරන්න ගිහින් ආයේ නෑවලු. උනේ මේකයි, මේ දානශාලා පින්තූරය සම්බන්ධයෙන් එක එක කතා යනකොට ඒක වෙනස් කරලා ලොකු තැන් වෙනුවට ස්වාමීන් වහන්සේලා දාලා හදපු පොටෝ එකකුත් සමාජ මාධ්‍යයේ ගියාලු. මේක සම්පූර්ණයෙන් ව්‍යාජව සකසපු එකක් කියල සමහරු කිව්ව. කොහොමහරි මේ ව්‍යාජව සකසපු ඡායාරූපය දේශපාලන සංවාදයකට අරගෙන ආපු රාජ්‍ය ඇමති තැන උස්සල රට පෙන්නුවලු මේ තමයි හරි රූපය කියලා. බැලූ බැල්මට ඒක ව්‍යාජ එකක් කියලා පෙනි පෙනිත් ඒක පෙන්නන්න ගිහින් එදා ඒ දේශපාලන සංවාදයේ පුදුම නා ගැනිල්ලක්ලු නාගත්තේ. හැමෝම හිනාවුණාලු මේක දැකලා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00