2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

රහසිගත සෙවිල්ල

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 825

පිළිගත් විපක්ෂය ඇතුළේ ඉතාම රහසිගත මෙහෙයුමක් වෙනවා කියලා විපක්ෂය ඇතුළෙම කතා ඇතිවෙලාලු. ආරංචි හැටියට එයාල දැන් විකල්ප නායකයෙක් හොයන වැඩක් යනවලු අනාගත වැඩකට. දැනට ඉන්න අයත් යටකරන් උඩට ගේන්න හදන මේ නායකයා තවම සැඟවුණු අමුත්තා හැටියටයි ඉන්නේ. කසුකුසුව වෙලා තියෙන්නේ ජනතා නායකයෙක් නිර්මාණය කිරීම ගැනලු. කොහොම වුණත් ඇතුළේ ඇතිවෙලා තියෙන මේ පිපිරීම සුපුරුදු පරිදි සමනය කරන්න හදන්නෙ උඩ අත්තෙ ඉන්න නායක උන්නැහේලු.

මෙයා සාධාරණ කොටා වගේ මේකට මැදිහත් වුණාට ඇතුළේ අයගේ තීරණය නම් වෙනසක් නැහැ කියල ආරංචියි. ඒ අය කියන්නේ මෙහෙම තවත් යන්න බෑ කියලා. කොහොම වුණත් මේක දැන් විසඳගන්න නායක තැනටම මැදිහත් වෙන්න වෙලා කියලයි ආරංචිය. ගොඩක් අය කියන්නේ මේක මේ සිරිකොත පැත්තේ පිල්ලියක් කියලා.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00