2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

අපභ්‍රංස තීන්දුවක්

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 1238

ඇමැති නෝනගේ කුඩේ වැඩේ නැගලම ගියා.... ඒ ගැන හොඳ නරක විවේචන දෙකම සමාජ මාධ්‍යවල පුවත් මැව්වා. කොහොමහරි මේ විවේචනවලට ඇමැති නෝනත් උත්තර දීලා තිබුණා.

හැබැයි කවුරුත් නොදැන හිටපුගමන් තවත් වැඩක් සිද්ධ වුණා. ඒක තමයි මේ වැඩේට කිසිම සම්බන්ධයක් නැති ඒ ඇමැති අංසෙ ලේකම් තැන හිටි අඩියේ මාරු කිරීම. පරිපාලනේ ජ්‍යෙෂ්ඨයෙක් වන උන්නැහේ දිසාපතිකම්, ලේකම්කම් කරලා මෙතෙන්ට ආපු මහත්තයෙක්... කුඩේ වැඩේ පත්තුවීමත් සමඟ හිටිහැටියේම මේ ලේකම් තැනට මාරුවක් ලැබුණලු... ඒක ලැබුණෙත් එසේමෙසේ තැනකට නෙවෙයි. පරිපාලනේ (පූල්) එකට තමයි ආරංචි.

මේක මහා අපභ්‍රංස කතාවක් බවට පත්වුණේ මේ කුඩ ඉල්ලලා ලියුං ලියුවෙත් ඒකට ප්‍රතිචාර දැක්වුවෙත් වෙන කස්ටියක්. නමුත් වැඩේ අල වුණාම ඒක ගිහින් තිබෙන්නේ පැත්තක හිටපු ලේකම් තැන පිටින්ලු.

කොහොමහරි පූල් එකට ගන්න සිද්ධ වුණ ලේකම් තැන දැන් එතෙන්ට නොගිහින් ගෙදරම යන්න තීන්දුවක් ගන්නලු යන්නේ. ඒ ගැන දැනගත්ත ආණ්ඩුවේ ඉහළම තැන්වල අය මේ වැරැද්ද හරිගස්සන්න ට්‍රයි කරන බවත් ආරංචියි.