2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

මේක සුපිරි රථ ගායක්

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1136

අලුත් ආණ්ඩුවක් ආවම බොහෝම දෙනකුට හැදෙන රථගායෙන් ලෙඩ වුණු සමහර මැති ඇමැති ගොල්ල ඒ ලෙඩේ හොඳ වෙනකම් කිසි වැඩක් කරන්නෙ නැතිලු...

සමහරුන්ට රථගාය හැදෙන්නෙ වාහන නැතිවුණාම. ඒත් සමහරුන්ට රථගාය හින්ද වාහන වැඩියෙන් ලැබිලලු.

මේකෙ අසාධාරණේ මේකයි. යන්තම් මිට ගහගත්ත එක වාහන කට්ටකින් තමන්ගෙ වැඩ කරගත්ත ඇමැතිවරු ඉඳිද්දි අති සුඛෝපභෝගී වාහන හය හත තමන්ගෙ පූල් එකේ තියන් ඉන්න ජ්‍යෙෂ්ඨම ඇමැතිලත් ඉන්නවලු...

මෙයින් එක්කෙනෙක් ළඟ දැනට V. 8 කියන සුඛෝපභෝගී ජීප් රථ හයකුත් සුපිරි බෙන්ස් රථයකුත් තියෙන බව ආරංචියි... නමුත් එයා එයින් එකක්වත් වාහන නැති කෙනකුට නිදහස් කරන්නෙ නැතිලු...

සේරම තමන්ගෙ මැඳුරෙ ගාල් කරගෙන ඉන්නවලු... මේ උදවිය ඡන්දෙ කාලෙ යුක්තිය සාධාරණේ වෙනුවෙන් කෑගහපු ආණ්ඩුවෙ බලකණු. රටේ මහ පුටුවෙ ඉන්න මහත්තයගෙන්වත් ආදර්ශයක් ගන්න සූදානම් නැති මේ වගේ අය සමඟ මේ ගමන යන්නෙ කොහොමද කියලයි තතු දත් අය ප්‍රශ්න කරන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00