2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

කැකිල්ලෙ තීන්දුවක්

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 826

ආණ්ඩුවෙ එක්තරා ඇමැති අංශෙක ලොක්කෙක් ලක්ෂ ගණනක් දීල මාසිකව වාහනයක් කුලියට ගැනීම ගැන ලොකු ආන්දෝලනයක් ඇතිවුණා. 

මේ ගැන හතර අතේ කතා පැතිරිලා වැඩේ පත්තු වුණාම මේ වැඩේ කළාය කියන ලොක්කටත් ඉහළ තැන්වලින් සැර දොස්මුරයක් විඳින්න සිද්ධ වුණා කියල කියනවා.

අන්තිමේදි මේකට පරල වුණු අමාත්‍යංශ ලොක්කා මේ වැඩේ එළිදරව් වුණේ කොහොමද කියල හතර අතේ හොයන්න ගත්තලු... 

ඒත් ඔය අමාත්‍යංශ ලොක්කා අමාත්‍යංශයෙ ජනප්‍රිය චරිතයක් නොවන නිසා කිසිම දෙයක් හොයාගන්න බැරිවෙලා. අන්තිමේදි උන්නැහේල මේ වැඩේ කළ කෙනා හැටියට ඔය ආයතනෙ එක්තරා නිලධාරියෙක් ගැන සැක කරන්න පටන් ගත්තලු. ඊටපස්සෙ මේ ගැන හාංකවිසයක් නොදන්නා ඒ නිලධාරියා වහාම ඉස්තාන මාරු කරන්නලු යන්නෙ...

මේ කැකිල්ලෙ තීන්දුව ගැන දැනගත්ත ඇත්තටම මේ වැඩේ පත්තු කළ උදවිය පැත්තකට වෙලා ඉඳන් සතුට බෙදාගන්නව කියලයි අපට නාරාහේන්පිට පැත්තෙන් ලැබෙන ආරංචිවලින් කියැවෙන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00