2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

ආයෙ එන්නෙ නැහැ

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 820

පුටුපාටිය නියෝජනය කරන ඌවෙ ලොකු ඇමැති තැන පසුගියදාක මොණරාගල පැත්තට ඇවිත් අලි පාටියෙ පරිපාලන ඇමැති ඉස්සරහ තමන් කරපු වැඩ ගැන ලොකු දේශනයක් කළානේ....

හැබැයි ඒකෙන් හිත රිදුණු පරිපාලන ඇමැති තැන මහ ඇමැතිට ඒ වේදිකාවෙදිම හොඳ උත්තරයක් දීල නිහඬ කළා... එතෙන්දි පරිපාලන ඇමැති තැන කිව්වෙ මේ පළාතෙ වැඩට සල්ලි දුන්නෙ ඔහෙ නෙවෙයි අපේ ආණ්ඩුව බව මතක තියාගන්න කියලයි.

කොහොමහරි මේ කතාවෙන් පස්සෙ මහ ඇමැතිතැන පරිපාලන ඇමැතිත් එක්ක නොරොක් වෙලා නොයෙක් දේ කියන්න පටන් ගත්තලු. අන්තිමේ කතාබහ දුරදිග ගිහිල්ල මහ ඇමැති තැන කිව්වලු.... “නැවත මම කවදාවත් මොණරාගල පැත්තෙ ඔහේ ඉන්න උත්සවවලට එන්නෙ නැහැ කියල...” ඒක අහල හිනාවුණ පරිපාලන ඇමැති කිව්වලු ඔය වගේ කතා කියනවා නම් නාවත් කමක් නැහැ කියලා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00