2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

අලුත් හීනයක්

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 635

අලි පාටියේ හිස්වුණ පුටුවට එක එක නම් යෝජනා වෙද්දී ගොඩක් අය කියන්න ගත්තලු නායකතුමා තමයි ඒකට සුදුසු කියලා. මේ යෝජනාව අරගෙන නායකතුමා හම්බවෙන්නත් කට්ටියක් ගියාලු. ගිහින් කිව්වලු සර් ලැයිස්තු පුටුවට සර් යන්න කියලා.

ඒ වෙලාවේ නායකතුමා ඒ හැමදේටම වඩා තියෙන අලුත් හීනයක් ගැන කිව්වලු. ඒක සුන්දර හීනයක්ලු. මම අවුරුදු ගාණක් දේශපාලනය කළා. දැන් මට නිදහසේ ඉන්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙන්නේ. තරුණ අය ඉන්නවා පක්ෂය ඉහළට අරන් යන්න. මම ඒ අයට සහයෝගය දක්වනවා. මට දැන් තියෙන එකම එක බලාපොරොත්තුව තමයි පොතක් ලියන එක. ඒකට දැන් මම ලෑස්ති වෙනවා කියලා නායකතුමාගේ හීනය කිව්වලු.

ඒ හීනය අහපු ගොඩක් දෙනෙක් කිසිම දෙයක් නොකියා යන්න ගියාලු ඒකත් හොඳ හීනයක් කියාගෙනම.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00